මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ සේවය කර රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සේපාල රත්නායක (M D S Rathnayake) අභීත රණවිරුවා විසින් තම මවට 1991.09.04 වෙනි දින ලියන ලද අවසන් ලිපියයි.
මෙම ලිපිය ලියා පැය කිහිපයකින් ඔහු තම අවසන් සුසුම් පොද තම මව්බිම වෙනුවෙන් හෙලුවෙ කොයිතරම් නිර්භීතවද යන්න, ලිපිය කියවන විට ඔබටත් දෑනේවි... මරණය අභියස නොසෑලුණු , මව්බිම වෙනුවෙන් කෑප වුණු මිතුර.. ඔබ අප හදවත්හි සදා අමරණීයයි..!
"අද 04යි
යුධ
ආදරනීය අම්මා තාත්තා වෙත,
අම්මේ මම තවම සුවෙන්. දෑනට සතියකට පෙර අපි කෑලේට අවා. ඊයෙ ලොකු කදවුරකට ගෑහුවා. උදේ 9 සිට රෑ වෙනකල් ගහල ඒක ඈල්ලුවා.හෙට තව කදවුරකට ගහනවා. අම්මේ දුක් වෙන්න එපා. සෙබලා යුද්ද කරන්න ඕන. මම සෑහෙන්න කල්පනා කරලා තමයි මේ ගමන ආවෙ. ඉතින් අම්මේ දෙවියන්ගෙ පිහිටෙන් මම තවම පෙරමුනේ නොසෑලී ඉන්නවා. ඒ ගැන අම්මා සතුටු විය යුතුයි. මේ ලිපිය ලියන්නේ බොහොම අමාරුවෙන් කෑලේ මෑද ඉදලා. හෙට හෙලිකොප්ටර් එකෙන් එවන්න.
ඉතින් අම්මේ මම මෑරුනත් දුක්වෙන්න එපා. මම බයේ දුවලා, හෑංගිලා මෑරෙන්නේ නැහැ. ඉදිරියට ගිහින් නියම කමාන්ඩෝ සෙබලෙක් වගේ සටන් කරලා තමය් මැරුනත් මැරෙන්නෑ. අම්මේ බයවෙන්න දුක්වෙන්න එපා.සතුටින් ඉන්න. දැන් කලුවරයි. මම නවතිනව.
අම්මා තාත්තා, නන්ගී ඈතුලු සියලු දෙනාට බුදු සරණයි.
පුතා
සේපාල"
(උපුටා ගැනීම “වැදගත් ලිපි“ ෆේස්බුක් සමාජයෙනි)
Tuesday, May 23, 2017
Home
ඕපාදුප
කොමාන්ඩෝ සෙබළෙක් යුද බිමේ සිට මියැදෙන්නට පැය කිහිපයකට කලින් අම්මාට සහ තාත්තාට ලියූ අවසන් ලිපිය
කොමාන්ඩෝ සෙබළෙක් යුද බිමේ සිට මියැදෙන්නට පැය කිහිපයකට කලින් අම්මාට සහ තාත්තාට ලියූ අවසන් ලිපිය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment