මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 02 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (23) පෙරවරුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පැති බැම්මක් සකස් කරමින් සිටි සේවකයින් තිදෙනෙකු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා. එහිදී රෝහල් ගත කර සිටි එක් තුවාලකරුවෙකු මිය ගිය අතර පසුව පස් කන්දට සිරවී සිටි තවත් අයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, රුපුලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වූ තිලක් රූපසිංහ නැමැත්තෙකු සහ මාවනැල්ල වහරක්ගොඩ පදිංචි වයස අවුරුදු 44 ක් වූ එම්.ජී ජයසිරි නැමැත්තෙක්. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු පස් කන්දට යටවී සිටින බව පැවසෙන පුද්ගලයින් බේරා ගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කළා.
Tuesday, May 23, 2017
කඩා වැටුණු පස් කන්දට යට වී සිටි තවත් අයෙකුගේ සිරුරක් හමුවෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment