සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක එම නිවසේ රඳවාගෙන සිටින බවත්, නිවසේ හාම්පුතා විසින් ඇගේ වකුගඩු ඉල්ලා සිටින බවත් සඳහන් වන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරලගේ උපදෙස් පරිදි ඇයව රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඇය සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදු කර ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ. 2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නැමැති මෙම කාන්තාව සෞදි ආරාබියේ ගෘහසේවිකාවක් ලෙස සේවය කමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දුන්නා.
ඊයේ (22) දින රියාද්හි තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ඩබ්.එම්.එස්.පී. ඉලංගකොන් සහ භාෂා පරිවර්තක නිළධාරියෙකු රියාද්හි ධර්රිහා පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර එහිදී ඉන්ද්‍රකාන්ති සහ ඇය සේවය කරන නිිවසේ හාම්පුතාද එම ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ අනුව මේ වන විට ඉන්ද්‍රකාන්ති වෙත රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ රැකවරණ ලැබී තිබෙනවා. ඇයට අහිමි මාස 2ක හිඟ වැටුප් සහ නැවත දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සඳහා මුදල් ද හාම්පුතා විසින් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
Tuesday, May 23, 2017
වකුගඩු රැකගත් ඉන්ද්‍රකාන්තිගේ ආරක්ෂාවත් තර වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment