වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ. මින් 14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කඩාවැටුණු ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් බේරාගැනීම සඳහා හමුදාව, පොලීසිය සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මෙම මෙහෙයුම් සඳහා නිලධාරීන් සහ සෙබළුන් 110 දෙනෙකු යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

No comments:
Post a Comment