අංගොඩ ලොක්කයි ලඩියයි ගේන්න ඉන්දියාවට යන ගමන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

අංගොඩ ලොක්කයි ලඩියයි ගේන්න ඉන්දියාවට යන ගමන

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ 'අංගොඩ ලොක්කා' සහ ඔහුගේ ගෝලයකු වූ 'අතුරුගිරියේ ලඩියා' මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් චෙන්නායි නුවර බලා යාමට නියමිතව තිබුණා.

පාතාල නායක 'සමයං' ඇතුළු හත් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්නේ  අංගොඩ ලොක්කායි. එරට ආරක්ෂක අංශ විසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවා ඔවුන්ගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කරගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සහ 'සමයං' ඝාතන සිද්ධිය ඩුබායි සිට සැලැසුම් කරන ලද දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ 'මධුෂ්' නමැත්තා ළඟට යෑමට අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයා චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad