අඹතලේ – ඔරුගොඩවත්ත ලෝ ලෙවල් සංවර්ධනයේදී ඉඩම් අහිමිවන පුද්ගලයින් 209 ක් සදහා රුපියල් මිලියන 261 ක් ප්‍රදානය කිරීමේ අටවන අදියරේ වන්දි ලබා දීමේ උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේ අදහස් පල කලේය.
‘අපිට මතක් වෙනවා ජනවාරි මාසේ 08 වෙනිදා අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ. හරියට ඒගොල්ලන්ගේ සිංහාසනයේ අපි ඇවිල්ලා වාඩිවෙන්න හැදුවා වගේ. දැන් සමහර පළාත් සභාවල අලුතින් මහ ඇමතිතවරු පත්වෙලා ඉන්නවා. මේ ගොල්ලෝ ඔක්කොම පත් වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින්, සිවිල් සංවිධානය වල සහයෝගයෙන්, වෙඩි හුවමාරුවලට මුහුණ දීලයි අපි ජයග්‍රහණය කෙරෙව්වේ. ඊට පස්සේ එයාලා ඇවිත් මහ ඇමති පුටුවල වාඩි වුනා.
ඒ පුටුවල වාඩිවෙලා අපිටම කොකා පෙන්නන්න ගත්තා. කළ කල දේ පල දෙනවා වගේ තමයි ඒකාබද්දේ අය කකුලෙන් අදිනකොට දැන් මහ ඇමති පුටුව බේරගන්න එක්සත් ජාතික පක්ෂයේ සරණ පතන්න වෙලා තියෙනවා. දෛවයේ සරදම කියන්නේ ඔන්න ඕකයි. උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ හෙට අනින්දා දකුණ පළාත ගත්තත් තමන්ගේ මහ ඇමතිකම් තියාගන්න එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා ගන්න වීම දෛවයේ සරදමක්.
ඒ නිසා අපි කියනවා මේ පණිවුඩය තේරුම් ගන්න සහ මේ යථාර්තය තේරුම් ගන්න අපි ඔවුන්ට පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නැති වුනොත් මහ ඇමතිකමත් දරන්න බෑ කියලා මතක තියාගන්න ඕනේ. අපේ ආණ්ඩුව උනත් වැරදි කරනවා නම් වැරදියි. පළාත් පාලන මැතිවරණය කල්දාන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක ජනතාවටගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී අයිතියක්. අනික් අතින් ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම හරහා දැන් ගම් මට්ටමේ උනත් සෑහෙන ප්‍රශ්න තියෙනවා.. කුණු අදින ප්‍රශ්න, මදුරුතෙල් ගහන්නේ නෑ, කාණු හරියට සුද්ද වෙන්නේ නෑ.
කණුවකට ලයිට් එකක් දාන්නේ නෑ. මොකද නිලධාරීන් ජනතාවට වගකියන්නේ නෑ ඔවුන් පඩියට වැඩ කරන සේවකයෝ. මහජන නියෝජිතයින්ට වගකීමක් තියෙනවා මහජනතාවට වගකීම සම්බන්ධව. ඒ නිසා මේ ප්‍රාදේශීය සභා මැතිවරණය පරණ ක්‍රමයටම හරි තැබිය යුතුයි. ජනතාවට ලැබෙන සේවය නොඅඩුව ලබා දීමට අවශ්‍ය මහජන නියෝජිතයින් පත් කිරීම රජයේ වගකීමක්. ඒ වගකීම පළාත් පාලන අමාත්‍යතුමාටත් පැවරෙනවා’
– මිනුර රෂාන්ත
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
අපි හැදු සිංහාසනයේ දැන් වෙන උන් වාඩි වෙලා.. අපි නැතිව මහඇමති පුටුවල ඉන්න බෑ..- ශ‍්‍රීලනිපයට එජාප ප‍්‍රහාරය දැඩිවේ..
අපි හැදු සිංහාසනයේ දැන් වෙන උන් වාඩි වෙලා.. අපි නැතිව මහඇමති පුටුවල ඉන්න බෑ..- ශ‍්‍රීලනිපයට එජාප ප‍්‍රහාරය දැඩිවේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment