කැබිනට් මණ්ඩලයේ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මේවනවිට විවිධ දේශපාලන පක්ෂ වගේම ජනතාවත් ඔවුන්ගේ මතයන් ඉදිරිපත් කරමින් සිටිනවා. ඉතින් මේ වුණ සංශෝධනය අනුව රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍යාංශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට මාරුවීමට සිදුවුණා.
හැබැයි ආරංචි මාර්ගවලින් වාර්තාවෙන හැටියට විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නොවන වැඩ කිහිපයකුත් රවී කරුණානායක මහතාට පැවරිලා තියෙනවාලු. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලද රවී කරුණානායක මහතාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයද මෙම අමාත්‍යාංශයට අයත් වන අතර ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වෙනස් කිරීම් සිදුකර ඇති බවද දැනගන්නට ලැබෙනවා.
Tuesday, May 23, 2017
Home
දේශපාලන පුවත්
රවීට හමුවුණු විදේශ කටයුතු අමාත්‍යාංශයට මීට පෙර අයත් නොවූ රාජකාරි රැසක් පැවරෙයි? ශ්‍රී ලංකන් ගුවන් සේවය,ජාතික ලොතරැයි මණ්ඩලයත් ඒ යටතට
රවීට හමුවුණු විදේශ කටයුතු අමාත්‍යාංශයට මීට පෙර අයත් නොවූ රාජකාරි රැසක් පැවරෙයි? ශ්‍රී ලංකන් ගුවන් සේවය,ජාතික ලොතරැයි මණ්ඩලයත් ඒ යටතට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment