අඹු සැමියන් අතර පොඩි පොඩි ආරවුල් ඇතිවීම සාමාන්‍ය දෙයක්. දෙදෙනා හොද බැඳීමකින් සිටිනවා නම් ඕනෑම ප්‍රශ්නයක් කතා කර විසඳ ගැනීම පහසු දෙයක්. නමුත් සැකය ඇතිවන වැඩක් කලොත් නම් ඒ සැකය නැතිකරගන්න එක ටිකක් අමාරු වැඩක් කියලා තමයි කියන්නේ.
බිරිඳ ගැන ඇති වූ සැකයක් නිසා මිනිසෙකු සිදු කරයි කියා සිතිය නොහැකි තරමේ වැඩක් කළ සැමියෙක් ගැන බියගම ප්‍රදේශයෙන් අසන්නට ලැබෙනවා. බිරිඳ විසින් නිතරම ලබාගන්නා දුරකථන ඇමතුම් පිළිබඳව සැක සිතූ සැමියා විසින් බිරිඳට අමානුෂිකව පහර දී තිබෙනවා. ඇය 26 හැවිරිදි වියේ පසුවන්නියක්.
සැමියා නිවසට පැමිණෙන අවස්ථාවේ කාමරයේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටි ඔහුගේ බිරිඳටයි මෙලෙස පහරදී ඇත්තේ. තම බිරිඳ අන් අයෙකු සමඟ කතා කරන බවට සැකකිරීම හේතුවෙන්. මන්නා පිහියකින් බිරිඳගේ හිසට, ගෙලට, රහස් ප්‍රදේශයට, කලවාවලට, අත්පාවලට පහරදීමෙන් බරපතල කැපුම් තුවාල සිදු කර තිබෙනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මොවුන් දෙදෙනා බියගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිට ඇති අතර ඔවුන් මහනුවර මැටිවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ. බිරිඳට අමානුෂිකව පහරදුන් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
Tuesday, May 16, 2017
ජංගම දුරකථනය නිසා සැමියා බිරිඳගේ රහස් ප්‍රදේශය කපලා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment