රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද (23) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් එම්.සී හම්සා විනිසුරුතුමන් විසින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරවූ බව වාර්තා වෙයි.
ඉකුත් 24 දා රැකියා විරහිත උපාධිධාරීන් විසින් නැගෙනහිර පළාත් සභා පරිශ්‍රය ඉදිරියේ පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේදී එම විරෝධතාවට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය පොලීසිය ඉදිරියේ ඉරා දමා, පාගා අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් මොවුන්ට එරෙහිව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
ඒ අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Tuesday, May 23, 2017
තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment