ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න හදීසි කැබිනට් තීන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න හදීසි කැබිනට් තීන්දුවක්

කවර හේතුවක් මත වුවද රටේ විවිධ ප්‍රදේශවල සිදුවන පහරදීම් ඇතුලූ සිද්ධීන් සම්බන්ධයෙන් ,විවිධ පුද්ගලයින් හා සංවිධාන රටෙ විවිධ ප‍්‍රදේශවල ඇතිකරනු ලබල කලහකාරී තත්වයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, කැබිනට් සංශෝධනයෙන් අනතුරුව  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවති පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදියි. පසුගිය දින කිහිපයේ ඇතිවූ එවැනි සිදුවීම් රජය තරයේ හෙළා දකින බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ.

නීතිය සාමය පිළිබද ඇමතිවරයා මේ පිළිබද සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad