ලෝක බලවතා වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් මුළු ලෝකයේම අවධානය දිනා ගත් කාන්තාවක් වනවා. ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තුන් වන විවාහක බිරිඳ වන්නේ ඇයයි. ට්‍රම්ප්ට වයස අවුරුදු 70ක් වන අතර ඔහුගේ තුන්වන බිරිඳගේ වයස අවුරුදු 47ක්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය ජනවාරි විසි වනදා බලයට පත්වීමෙන් පසුව සිදු කළ පළමු නිල සංචාරය මැදපෙරදිග කළාපයට යොදා ගෙන තිබුණා. එහිදී ඊශ්‍රායලය විසින් ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීමට සූදානම් කර තිබූ නිල උත්සවයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා රතු පලස මතදී සිය බිරිඳගේ අතින් අල්ලන විට ඇය සිය අත වේගයෙන් ඉවත් කර දමනවා.
එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ සියුම් ඇසට මෙම සිදුවීම දක්නට ලැබුණේ මෙලෙසයි. සාමාන්‍යයෙන් අඹුසැමියන් අතර ගැටුම් හා ප්‍රශ්න ඇතිවීම ලෝක බලවතුන්ට කියා වෙනසක් නැතැයි පෙන්වන කදිම උදාහරණයක් ලෙස මෙම වීඩියෝව විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා තිබුණා.
Tuesday, May 23, 2017

ට්‍රම්ප්ගේ විවාහය දෙදරලාද?
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment