එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිදුවූ බෝම්බ පිපිරීමෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් එරට මහ කොමසාරිස් කාර්යාලය සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
සංගීත සංදර්ශනයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ අදාල බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 59 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර අදාල ප්‍රහාරය හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලන වාසිතකා මෙවැනි ප්‍රහාර එල්ල කරමින් අහිංසක සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම කණගාටුවට කරුණක් බවයි.
සිද්ධියෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් සිය ශෝකය පල කරන බව ද ජනාධිපතිවරයා සිය ටුවිටර් පණිවුඩයේ සඳහන් කර සිටියා.
Tuesday, May 23, 2017

UPDATE : මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment