මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පොළොන්නරුව, ඕනෑගම, මැද මලුව මහා විහාරයේ වැඩවිසු වයස අවුරුදු 14 හැවිරිදි සේවාගම විනය රතන නමැති කුඩා හිමිනමක්. විහාරස්ථානයට පැමිණි මෙම පිරිස පොලුවලින් තමන් වහන්සේට පහර දුන් බව විනය රතන හිමියන් පවසන්නේ.
විහාරස්ථානයේ වැඩ වසන නිකපිටියේ චන්දිම නමැති හිමි නම සොයා මෙම පිරිස කැබ් රථයකින් ඊයේ රාත්‍රී 7.45 ට පමණ මෙසේ ඇවිත් පහර දී පලා ගොස් තිබෙනවා. මේ අනුව විහාරස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Monday, May 15, 2017
පොළොන්නරුවේ කුඩා හිමි නමකට නාඳුනන පිරිසක් පහර දෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment