බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත් ගණිකා නිවසක් වැටලීමට පොලිසියට හැකිවී තිබෙනවා.
එහිදී කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලීසිය පැවසුවේ ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 හේ මුදල් ඇප මත මුදාහැර තිබෙනවා.
Monday, May 15, 2017
බොරලැස්ගමුවේ ගණිකා නිවසක් වටලයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment