බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියමවී ඇත්තේ 16 කණුව, අලිවංගුව, පේමඩුව ලිපිනයේ පදිංචිව සිටින රන්පිට දේවයලාගේ ප්‍රියංගිකා සමන් කුමාරී (28) නමැති යුද හමුදා සෙබළෙකුගේ බිරිදකට බවයි වාර්තා වන්නේ. විත්තිකාරියට නියමකල සිරදඬුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියමකර තිබෙනවා.
විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඬුවම එකවර ගෙවීයන අයුරින් ක්‍රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර බවයි වාර්තා වන්නේ. අදාල කාන්තාව විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි බාලවයස්කාර පාසල් දරුවෙකුට මෙලෙස බරපතල ලිංගික අතවර සිදුකර තිබෙනවා.
දඬුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් ඇය රාත්‍රී කාලයේ නිදා ගැනීමට දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව, බාල වයස්කාර දරුවාව නිවසට කැදවාගෙන ගොස් දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී ප්‍රකාශ වූ බව සදහන්.
විත්තිකාර කාන්තාව පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි. එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරු බව නිගමනය කර තිබෙනවා.
Monday, May 15, 2017
බාල වයස්කරුවෙකුට අතවර කළ 28 හැවිරිදි කාන්තාවකට වැඩ වරදී
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment