ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂ කෙනෙක් නෙවෙයි-මහින්ද රාජපක්‍ෂමයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂ කෙනෙක් නෙවෙයි-මහින්ද රාජපක්‍ෂමයි!

පසුගිය දා පැවති මැයි දිනය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කළ රැළියට පැමිණි ජනතාව සහ වර්ථමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතා සමග දේශය පුවත්පතේ ගයාන් ගාල්ලගේ “ කෙලින් කතාව” තීරයේ පල කර තිබූ සම්මුඛ සාකච්ඡාවේ කොටසක මෙලෙස අදහස් පළ වී තිබුණා.

ප්‍ර :    දැන් ඔබලා කියන විට මේ බලය ගන්න හදන්නේ රට රැකගන්න කියලනේ. ඇයි රට රකින්න රාජපක්‍ෂල විතර ද ඕන. වෙන නායකයෝ හරියන්නේ නැද්ද ?

උ :     ජනතාවගේ ඉල්ලුම මත තමයි අපි දේශපාලන නායකයෙක් තීරණය කරන්නේ. රටේ ජනතාව කියනවානම් මහින්ද රාජපක්‍ෂ වෙනුවට වෙන විකල්පයක් දෙන්න කියල. අපිට දෙන්න පුළුවන්. හැබැයි අප තේරුම් ගන්න ඕන ගාලුමුවදොරට මිනිස්සු ආවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා හින්ද මිසක් වෙනත් සාදයකයක් හින්දා නෙවෙයි කියන එක. ඒ තමයි යථාර්ථය. රටේ ජනතාවත් ශ්‍රී.ල.නි.ප යේ මිනිස්සු ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයම. එහෙම නැතුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ නෙවෙයි.

ප්‍ර :    මහින්ද මහත්තය දේශපාලනය අත හැරියොත් ඒ කියන්නේ ඒකාබද්ධය අනාථයි ?

උ:      මම  මේ කියුවේ මේ අවස්ථාවේදී අනාගතය ගැන ඉදිරියේදී බලන්න ඕන. 20 න් පස්සේ ගැන දැන්ම හිතන්න නරකයි. මොකද අපිට තාම දෙවන්, තුන් වන, හතර වන වශයෙන් හොඳ දේශපාලන පෙලක් ඉන්නවා. ඉදිරියේදී බලමු. හැබැයි කවුරු හරි හිතනවානම් මේ ඉල්ලන්නේ රාජපක්‍ෂ කෙනෙක් කියල ඒක වැරදියි. මේ ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ. වැරදියට තේරුම් ගන්න එපා රාජපක්‍ෂ කෙනෙක් නෙවෙයි ජනතාව ඉල්ලන්නේ. 

No comments:

Post a Comment

Post Bottom Ad