අසාධ්‍ය තත්වයේ සිටි මවට බෙහෙත් ගන්න ගිය තරුණයාට අනුරාධපුරයේදී ’’කිංකොං’’ කළ කැත වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

අසාධ්‍ය තත්වයේ සිටි මවට බෙහෙත් ගන්න ගිය තරුණයාට අනුරාධපුරයේදී ’’කිංකොං’’ කළ කැත වැඩේ

අනුරාධපුර නගරයේදී තරුණයෙකු සතුව තිබූ රුපියල් 20,000කට අධික මුදලක් "කිංකොං" විසින් පැහැරගෙන ගොස් තිබෙන බවට වාර්තා වනවා. අස්ථි බිදී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන මවගේ ශල්‍යකර්මයක් සදහා අවශ්‍ය උපකරණයක් මිලදි ගැනීමට ගිය තරුණයෙකු සතුව තිබූ මුදලක් තමයි කොල්ල කා ඇත්තේ.

කොල්ලකෑ බවට පැවසෙන "කිංකොං" යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ සිදුකරයි. අනුරාධපුර නව නගරයේ පැවති උසස් පෙළ පන්තියක් සදහා සහභාගීවූ තරුණයෙකු අනුරාධපුර පොලිසියට පෙරේදා (14) සවස කල පැමිණිල්ලක්මත සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරන අතර සැකකරු අනුරාධපුර නව නගරයේ පාළු අතුරු මාර්ගයකදී තරුණයා අල්ලාගෙන බියගන්වා මරා දමන බවට තර්ජනයකර ඔහුගේ මුදල් පසුම්බිය බලහත්කාරයෙන් පැහැරගෙන එහි තිබූ රුපියල් 23,000ක මුදල කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

පැමිණිලිකාර තරුණයාගේ මව අනතුරකට ලක්වී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ ශල්‍යකර්මයකට අවශ්‍ය උපකරණයක් ලබා ගැනීම සදහා රුපියල් 23,000 ක මුදල මුදල් පසුම්බියේ දමාගෙන සිසුවා අනුරාධපුර නගරයට පැමිණ ඇතිබව පොලිසිය පවසයි. සැකකාර කිංකොං නැමත්තා මිට පෙර අවස්ථා ගණනාවකදීත් මුදල් කොල්ල කෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන බවද පොලිසිය පවසනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්.කුමාරසේන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad