කලක් තිස්සේ සිදුකරගෙන ගිය අමුතුම ජාවාරමක ප්‍රධාන සැකකරුවෙකු පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණියන් හෝටල් වලට රැඟෙන ගොස් පසුව එහි දින ගණනක් ලැඟුම් ගෙන අනතුරුව බිල නොගෙවා පලා යන සැකකරුවෙකුයි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු මෙම වංචාව වසර තුනක සිට සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකරු ඒ අයුරින් කිරුළපන ප්‍රදේශයේ පිහිටි හෝටලයක දින 6 ක් සඳහා කාමර දෙකක් ලබාගෙන තිබෙනවා. එහිදී ඔහු සමඟ තවත් තරුණියක් සහ වෙනත් යුවලක්ද පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව අදාළ හෝටලයේ දින පහක කාලයක් රැඳී සිට ඇති අතර එහිදී සියලු පහසුකම් ලබාගෙන රුපියල් දෙලක්ෂ හතලිස් අටදහසක් වූ බිල්පත නොගෙවා පලාගොස් තිබෙනවා.
ඒ අනුව අදාළ හෝටලයේ හිමිකරුවන් විසින් කිරුළපන පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ. අනතුරුව මේ සම්බධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බවයි. සැකකරු සොයා පොලිසිය විමර්ශන සිදුකරන අතරතුර පොලිසියට තොරතුරක් ලැබෙන්නේ සැකකරු පානදුර නගරයේ පිහිටි හෝටලයක තරුණියක් සමඟ නවාතැන්ගෙන සිටින බවටයි.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හෝටල් වලට යාමේදී ව්‍යාජ අනන්‍යතා සහතික ඉදිරිපත් කර ඇති බවටයි වැඩිදුර විමර්ශන වලදී හෙළිවී ඇත්තේ. මෙම සැකකරු ඇතුළු කණ්ඩායමක් අවස්ථා කිහිපයකදී පානදුර, මොරටුව, කිරුළපන, මහරගම, කොහුවල, ප්‍රදේශවල හෝටල් වලද නවාතැන්ගෙන පසුව මුදල් නොගෙවා පලාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Tuesday, May 16, 2017
ලස්සන තරුණියන්ව හෝටල්වලට ගෙනිහින් තරුණයෙක් අවුරුදු 3ක් කළ අමුතු සෙල්ලම
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment