2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් පත් කර යහපාලන ආණ්ඩුව ඇති කිරීම වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන 49 ක් තවදුරටත් ආණ්ඩුවට සහය පල කරනවාද ? නැද්ද යන්න පිළිබදව සාකච්ඡා කිරීම සදහා අද (15) දිනයේදී රැස්වීමට නියමිතයි .
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු මෙම සංවිධාන 49 පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය ලබා දුන්නේ යහපාලනය ඇති කිරීමක් සදහා කැපවන බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව අනුවයි .
ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිතයන්ට දඬුවම් දීම, දූෂණයෙන් තොරව ආණ්ඩුව පවත්වාගෙන යැම, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම ආදී කරුණු ඉටුකිරීමට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් මේ පිළිබද අද දිනයේදී එම සංවිධාන තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාව පිටකෝට්ටේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර මූලස්ථානයේදී පැවැත්වෙයි.
lankanewsalert.com
Monday, May 15, 2017
Home
දේශපාලන පුවත්
යහපාලනයට කැපවූ සංවිධාන 49 ක් එකම වේදිකාවක …යහපාලනය ගැන කලකිරේ …තීරණාත්මක සාකච්ඡාවක්
යහපාලනයට කැපවූ සංවිධාන 49 ක් එකම වේදිකාවක …යහපාලනය ගැන කලකිරේ …තීරණාත්මක සාකච්ඡාවක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment