බස්නාහිර මහා ඇමති විදේශ සංචාර 18ක ගිහින්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

බස්නාහිර මහා ඇමති විදේශ සංචාර 18ක ගිහින්.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සිදුකර ඇති විදේශ සංචාර සම්බන්ධව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ලබාදුන් පිළිතුරක් හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ‘යේදීම අද (23දා) උණුසුම් විය. චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය යන රටවල පමණක් ප්‍රධාන අමාත්‍යවරයා සංචාරය කර ඇතැයි පළාත් සභාවේ ලේකම්වරයා තමන්ට දන්වා ඇතැයි මුස්තාපා මහතා මෙහිදී කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙහිදී සඳහන් කළේ ඔස්‍ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට 18 වතාවක් ප්‍රධාන අමාත්‍යවරයා ගොස් ඇති බවයි. ෆයිසර් මුස්තාෆා මහතා එම ප්‍රකාශයෙන් පසු තරමක් තදින් අදහස් පළ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම සංවාදයට මැදිහත් විය.

පළාත් සභාවලින් පාර්ලිමේන්තුවට තොරතුරු ලබාගත යුත්තේ කෙසේදැයි පක්‍ෂ නායකයන් රැස්වී ක්‍රම‘වේදයක් සකස් කරගත යුතු බවත්, මේ දක්වා එවැනි ක්‍රම‘වේදයක් සකස් කර නැති බවත් අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad