අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බවත්, පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත් කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
‘මගේ දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම දවස 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත ඔසවපු දිනයයි.‘ යැයි ඔහු කියයි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට අත එසවීමද එලෙස සිදුවූවක් බවත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම වැනි සිදුවීම් නොවිය යුතුව තිබූ ඒවා බවත් අමරවීර මහතා කියයි.
ඔහු මේ බව කීවේ කොළඹ තැපැල් මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි. පසුගිය ආණ්ඩුව තවත් කාලයක් තිබුණේ නම් තේවලට පවා තහනමක් ඒමට ඉඩ තිබුණු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට තමා වැඩ නොකළත් එම වේදිකාවේ දුන් පොරොන්දු රැසකට තමන්ද එකඟ බවත් අමරවීර මහතා ප්‍රකාශ කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට එකළ ජනමාධ්‍යය තුළ හරි ඉඩක් නොලැබුණු බව කී ඇමැතිවරයා විවිධ සංවිධාන හා කණ්ඩායම් රැසක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බව ද පවසයි.
Wednesday, May 17, 2017
18 සම්මත කිරීමත් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමත් වැරදියි - මහින්ද අමරවීර
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment