උතුරුමැද පළාත් සභාවට නව ඇමතිවරුන් පත් කිරීමෙන් පසුව ඊයේ (23) පැවැති ප‍්‍රථම මාසික රැස්වීමේදී හිටපු ප‍්‍රවාහන ඇමති එස් එම් රංජිත් සමරකෝන් මහතා ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දස දෙනෙක් සභාවෙන් පිටවී ගියහ. උතුරු මැද පළාත් සභාවේ හයවැනි සැසි වාරයේ නවවැනි රුස්වීම අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ පිහිටි රැස්වීම් ශාලාවේදි සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
උතුරු මැද පළාත් සභාවේ හිටපු ඇමතිවරුන් සිවු දෙනා මෙන්ම ඒ වෙනුවට පත්කෙරුනු නව ඇමතිවරු සිවුදෙනාද ඊයේ රැස්වීමට පැමිණ සිටියහ. පළාත් සභා රැස්වීම ආරම්භයේදීම උණුසුම් තත්වයක් උද්ගත විය. පළාත් සභාවේ සභානායක ධූරයට පළාත් සභා මන්ත‍්‍රී එම් බී සමන්ත ඒකනායක මහතා පත්කිරීම හේතුවෙන් මේ තත්වය ඇති විය.සමන්ත ඒකනායක මහතා මෛම ධූරයට පත්කරනු ලැබුවේ හිටපු සභානායක සම්පත් ශ‍්‍රී නිලන්ත වික‍්‍රමාආරච්චි මහතා කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීම හේතුවෙනි.
සමන්ත ඒකනායක සභානායක ධූරයට පත් කිරන අවස්ථාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුද සභාවේ නොසිටියහ. පසුව සභාවට පැමිණි විපක්ෂ නායක අනිල් රත්නායක මහතා සභාවේ ගණපූරණයක් නොමැති අවස්ථාවක සභානායකවරයා පත්කළේ කෙසේදැයි ප‍්‍රශ්න කළේය. ඒ අවස්ථාවේ සභාව උණුසුම් වූ අතර සභානායක පත්කර ඇත්තේ ජන්ද විමසීමකින් නොවන බවට විපක්ෂය නැගූ චෝදනාව හේතුවෙන් සභාපතිවරයා සභාව කල් දමා පක්ෂනායක රැස්වීමක් කැදවීය.
එම රැස්වීමෙන් පසුව සභාව යලි ආරම්භ වූ අවස්ථාවේද සමන්ත ඒකනායක සභානායක ධුරයෙන් ඉල්ලා අස්විය ඔහු කියාසිටියේ උද්ගත වී ඇති තත්ත්වය මත තම සභානයක ධූරයෙන් ඉවත්වන බවයි.
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
උතුරු මැද පළාත් සභාව යළි උණුසුම් වෙයි..අලුත් සභානායක ඉල්ලා අස්වෙයි.. 10ක් සභාවෙන් පිටව යයි
උතුරු මැද පළාත් සභාව යළි උණුසුම් වෙයි..අලුත් සභානායක ඉල්ලා අස්වෙයි.. 10ක් සභාවෙන් පිටව යයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment