96 ලෝක කුසලානේ දිනුවා වගේම පිට පිටම 2007, 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟවලදී අනුශුරයන්ගෙන් සැහීමකට පත් වුනු අපේ සිංහ පැටව් 2014 දී විස්සයි 20 ලෝක කුසලානේ ලංකාවට ගෙනාවා.
2012 දී බංගලාදේශ කණ්ඩායම එක්ක තියෙන තරගාවලියේදී තමයි ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයා වෙන්නේ. ඒත් මේ ලඟදී ඉදලා මැතිව්ස්ට මල්වලට වඩා ගල් තමයි ආවේ. ඒකට සාධාරණ හේතු නැතුවාද නොවේ. ඔන්න ආයෙත් ගල් වදින්න පටන් අරන් ඒ ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන අයි. පී. එල් තරගාවලිය නිසා,
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප‍්‍රිකාව සමග පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධයක ලක්වීම හේතුවෙන් ජනවාරි මාසයෙන් පස්සේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කළේ නැහැ. කොහොම හරි අබාධය පූර්ණ වශයෙන් සුව නොවීම නිසා පසුගියදා පැවති බංගලාදේශ විස්සයි විස්ස තරගාවලිය ද මැතිව්ස් ට අහිමි වුණා.
ඒත් අයිපීඑල් තරගාවලියේ දි ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි කණ්ඩායම සමග පුහුණු වීම් සදහා සහභාගී වූ විඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමත් සමග සමාජ ජාලා, අන්තර්ජාල වෙඩ් අඩවි රාශියකින් ඇන්ජලෝ මැතිව්ස්ට දැඩි විවේචන එල්ල වෙන්න ගත්තා. එහිදී ඔවුන් සදහන් කරන්නේ අබාධ තත්වයේ පසුවූ මැතිව්ස් ශ‍්‍රී ලංකා මාධ්‍ය ආයතන හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනුවත් කිරීමකින් තොරව එකවරම අයිපීඑල් තරග සදහා සහභාගී වූයේ කෙසේද යන්න ගැටලු සහගත දෙයක් බවයි.
දිල්ලි කණ්ඩායම හා පූනේ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයටද මැතිව්ස් සහභාගී නොවූ අතර මැතිව්ස් විවේචනය කරමින් පළවූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්.
No comments:
Post a Comment