(පියසේන රතුවිතාන අපේ‍්‍රල් 07 දිවයින පුවත් පතට දුන් ප‍්‍රකාශයකි)
නැකතක් සාදන විට අනෙක් සියල්ලට වඩා සඳුගේ බලය තිරසාර විය යුතුය යනු ජ්‍යෙdතිෂ රීතියයි. අටළොස් ඉසිවරුන්ම ඒ මතය අවිවාදයෙන් පිළිගෙන ඇත. හෝරාභරණයේ 2 වැනි පිටුවේ 492 වැනි ශ්ලෝකයෙහි එය සඳහන් කර ඇත. තිථිරේක ගුණාප්‍රොක්‌තා… යනාදී ශ්ලෝකයෙන් එය විස්‌තර වේ. එම ශ්ලෝකයේ අරුත මෙසේය.
තිථියක බලය එකකි. දිනයක බලය 14 කි. නැකතෙහි බලය 16 කි. යෝගයෙහි බලය 100 කි. හිරුගේ බලය 1000 කි. සඳුගේ බලය ලක්‍ෂයකි යනු වේ. ඒ අනුව බලවත් නැකතක් සෑදීමේදී සඳු නීචවීම, සඳු 6, 8,12 යන දුෂ්ට රාශියක වීම නොවිය යුතුමය. එහෙත් රජයේ නැකත් මඬුල්ල විසින් 2017 අවුරුදු නැකත සාදා ඇත්තේ තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව, 8 වැනි රාශියේ සිටින අයුරින්ය. එබඳු නැකතක් හදන්නේ අවුරුදු නැකැත් සඳහා නොව මෘත දේහය තැන්පත් කළ පෙට්‌ටිය නිවසින් එළියට ගැනීමට හෙවත් මෘත කලේබරය එසවීමටය. ඒ අනුව සලකන විට නැකැත් කමිටුව නිර්දේශ කර ඇත්තේ ඉදිරි වර්ෂය සැපවත් කිරීමට උචිත නැකතක් නොව අවමංගල උළෙලකට ගැලපෙන නැකතකි.
නැකැත් කමිටුව විසින් නිර්දේශිත නැකතට ළිප ගිනි මොළවා කිරි බතක් පිස අනුභව කිරීම හා ගනුදෙනු කිරීම සඳහා යොදා ගත්තොත් රටම හිඟමනට පත්වෙයි. ඒ නැකතට කටයුතු කරන ජනතාවම පරිහානියේ ප්‍රපාතයට වැටෙයි. මේ දුර්මුඛ වර්ෂයයි. ගෙවී ගිය නන්දන විජය වැනි වර්ෂයන් නොව “විනාශ කාලේන විපරීත බුද්ධිඃ” යි සඳහන් කළ පිස්‌සන් සමූහයක් විසින් හැදූ නැකතකි. නිශ්ශාරා පෘථිවි නිරෙඬෂධි රසා… ධර්මෝ වනන්තර ගතඃ” යි සඳහන් කළ සෘෂි පාඨයට අයත් එකකි.
නැකැත් කමිටුව 2017 අවුරුදු නැකත හදා ඇත්තේ තක්‌කාල ලග්නය මේෂය වශයෙන් ගෙන නැකතක් සඳහා ඉතාම පවිත්‍රව සිටිය යුතු සඳු 8 වැන්නේ තැබීමෙනි. තක්‌කාල කේන්ද්‍රයේ 4 අධිපති සඳු නීචව 8 වැන්නේය. 4 යනු නිවසයි. මුළුතැන් ගෙයයි. ඒ නිසා මුළුතැන්ගෙය හිමි ග්‍රහයා නීචව 8 වැන්නේ වීම පරිහානියට නෑකම් කියන්නකි. එසේම තත්කාල කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයන් දෙදෙනා වන ගුරු – සිකුරු දෙදෙනාම දුෂ්ට රාශි වලය ලග්නයට කිසිම ශුභ දෘෂ්ටියන් නැත. ඒ නිසා අවුරුදු චාරිත්‍ර සඳහා මේෂ ලග්නය තෝරා ගැනීම ශුභ නැත.
2017 අප්‍රියෙල් 14 වැනිදා අලුයම 2.13 ට හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙයි. අවුරුදු නැකැත් හැදීමේ රීතිය අනුව සූර්යයා මේෂ රාශියට එළැඹීමට පෙර පැය 6 විනාඩි 24 ක් කාලයේ විෂම අවස්‌ථාවයි. ඒ පැය 6 තුළ පෘථිවිය ආසන්නයේ සිටින දෙවිවරුන් පොළොව අතහැර යති. එය “නොනගතය” නමින් හැඳින්වේ. එහි අරුත තවම පැමිණියේ නැත යන්නයි. ගල්ගුහාවල කොටා ඇති අගත, අනගත, චතුදිශ,ඒ යන්න ගැන හිතන්න එහි අරුත පැමිණි නොපැමිණි යන්නයි.
සංක්‍රාන්ති සමයෙන් පසු පැය 6 වි. 24 ක් තුළ අවුරුදු චාරිත්‍ර විය යුතු බව ඉසිවර මතයයි. ඒ අනුව 14 වැනිදා උ දේ 5.03 ට රවි හෝරාව උදා වෙයි. රවි ගිනි ග්‍රහයකු බැවින් ඒ හෝරාව තුළ කටයුතු ඇරැඹිය හැකිය. නෛසර්ගික ශුභ ග්‍රහයෙක් උච්ච බල යුතුව ලග්නයේම වෙයි. ලග්නාධිපති වන ගුරුට ලග්නය, එකොළොස් වැන්න හා 3 න් වැන්න පෙනේ. සඳු නීච වුවත් ලක්‌ෂ්මී ස්‌ථානයේය. උච්ච බලයෙන් සිටින සිකුරුගේ දෘෂ්ටිය නීච සඳුට පෙනෙයි. අමාත්‍ය කාරක 4, 5 අධිපති බුධ රාජ්‍ය කාරක රවි සමඟ යෝගව ඇත. මීන ලග්නය ගෙවී යැමට පෙර අවුරුදු චාරිත්‍ර කළ හැකිය.
මේ නිසා ළිප ගිනි දැල්වීමට, අනුභවයට, ගනුදෙනුවට රවි හෝරාවේ බුධ අන්තරය යොදා ගත හැකිය. ඒ (විනාඩි 24) ප්‍රමාණවත් නැත්නම් රවි හෝරාවේ ගුරු පංචමය යොදා ගත හැකිය. ඒ ආහාර අනුභවයටය. රවි හෝරාවේ ගුරු අන්තරය විෂ පංචම හෝරාවක් බව සැබැවි. එහෙත් දෛවඥ කාමෙනුව අනුව ඒ මොහොතේ පක්‍ෂියා භෝජන ගමන අවස්‌ථාවක නම් එම පංචම විෂ හෝරා දෝෂය මගහැරේ. ඒ අනුව උදේ 5.57 ට උතුර බලා යටකී ශුභ කටයුතු සඳහා යොදා ගත හැකිය.
මනස්‌කාරක සඳුගේ පිහිටීම අනුව මිනිසකු ගේ ජීවන ගමනේදී රාශි 12 තුළදී චරිත 12 ක් වෙයි. නැකැත් 27 අනුවත් එසේය. භාරතීය ජ්‍යෙdතිෂඥයේ සඳුගේ පිහිටීමට කොතරම් වැදගත්කමක් දී ඇත්දැයි කියතොත් ඒ අය ලග්න කේන්ද්‍රය නොව (චන්ද්‍ර) රාශි කේන්ද්‍රය ප්‍රමුඛ කරති. සඳු ග්‍රහයා රියෑදුරෙකුට උපමා කළ හැකිය. රථය වේගයෙන් පැදවිය යුතුද නැතහොත් සෙමෙන් පැදවිය යුතුදැයි තීරණය කරනු ලබන්නේ චිත්තකාරක සඳු විසිනි.
සඳුගේ වාහනය ඇතටත්. ඇඳුමේ ශක්‌තිය, බඳපටියටත්, පැහැය, අති පවිත්‍ර සුදටත් පවරා ඇත්තේ සඳු සුවිශේෂ ග්‍රහයා බැවිනි. මවු කාරකයා චිත්තකාරකයාය. එයින් ගම්‍ය වන්නේ සඳු සුවිශේෂ ග්‍රහයා බවය. ශ්‍රීමත් භට්‌ටාචාර්යතුමාගේ චමත්කාර චින්තාමණියෙහි සඳු 8 වැන්නේ තබා හදන නැකත අශුභ බව විධත්තේ ධනං හීනං දේහං දරිද්‍රං, ජඩඃ ගෝත්‍ර හීනං නරං ශේෂ ලග්නේ යන්නෙන් ප්‍රකට වේ. එහි අරුත සඳු 8 වැන්නේ තැබීම අධම බවකි. දිළිඳුකම මතු කරන්නකි යන්නයි. අවුරුදු නැකතට අදාළ කේන්ද්‍රයේ සඳු 8 වැන්නේ තබා හදන නැකත අනුගමනය කරතොත් මුළු රටම ද්‍රරිද්‍රතාවට පත්වනු ඇත.
“කූඩුම්බේ රතිර් පායතේ කශ්‍ය තුච්ඡං….”
යන යෙදුමෙන්ද ඒ බව සනාථ වේ.
– දිවයින
Saturday, April 15, 2017
Home
අනාවරණ
අලූත් අවුරුද්දට නිර්දේශ කර ඇත්තේ මීනී පෙට්ටි එසවෙන නැතකත්..- ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිර්වේදී පියසේන රතුවිතාන
අලූත් අවුරුද්දට නිර්දේශ කර ඇත්තේ මීනී පෙට්ටි එසවෙන නැතකත්..- ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිර්වේදී පියසේන රතුවිතාන
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment