ඇමැති විජේදාසට එජාපයෙන් දෝස්මුරයක් - තනතුරු වෙනසක් නෑ   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

ඇමැති විජේදාසට එජාපයෙන් දෝස්මුරයක් - තනතුරු වෙනසක් නෑ  

ඇමැති විජේදාසට එජාපයෙන් දෝස්මුරයක් - තනතුරු වෙනසක් නෑ  

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. 

මෙහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

නමුත් නිජෝජ්‍ය නායක තනතුරු 3ක් මෙන්ම අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට උප නායක තනතුරක් දීම පිළිබඳ මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුවද අද න්‍යාය පත්‍රයේ එවැන්නක් නොතිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි පක්ෂයේ තනතුරුවල වෙනසක් අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී සිදුනොවූ බව එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

මේ අතර අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ විවේචනයට ලක්ව තිබේ. එහිදී සාමුහික තීරණ සම්බන්ධයෙන් විවේචනය කිරීම නවතා දැමීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.

එම සිද්ධියේදී අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම පැහැර හැර ඇති බවත් ඒ අනුව විවාදාත්මක කතාවක් කලොත් දඩුවම් දිය යුතු බවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

මේ අතර අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට විදේශ ගත වීමේ අවස්ථාව සීමා කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව එජාප අමාත්‍යවරුන්ට වසරකට දෙවරක් පමණක් විදේශ ගත වීමේ අවස්ථාව හිමිවන බවත් වාර්තාවේ.

එසේ විදේශ ගත වීමේදී ද අගමැතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad