පොලිස්පති බීමතින් පොලිස් නිලධාරීන්ගේ හිරි ඔතප් බිදලා.. ආණ්ඩු පාර්ශ්වයෙන්ම ප‍්‍රබල චෝදනාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

පොලිස්පති බීමතින් පොලිස් නිලධාරීන්ගේ හිරි ඔතප් බිදලා.. ආණ්ඩු පාර්ශ්වයෙන්ම ප‍්‍රබල චෝදනාවක්..

මහින්ද රාජපක්ෂ යුගයේ පොලිසිය හෝ පොලිස්පති විසින් යම් සුලු වරදක් හෝ පොලිසියට නොගැළපෙන කට යුත්තක් සිදු කලා නම් එහි සම්පූර්ණ වරද සහ වගකීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පිටින් යැවීම ඉතා සුලභ කරුණකි.

එහෙත් වර්තමාන පොලිස්පති හෝ එම දෙපාර්තමේන්තුවේ සිදුවන අඩුපාඩු හෝ වැරැදිවලින් සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් නිදහස් කොට එහි සම්පූර්ණ වරද පොලිස් දෙපාර්තමේන්තුව හෝ පොලිස්පති වෙත පැටවීම මොනතරම් දුරට සාධාරණ ද යන්න එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇති අන්දම දැන ගැනීමට මෙසේ පලකරමු. (අදාල පුවතේ සදහන්කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන අප වෙබ් අඩවියේ වගකීමක් නැත)

කෙසේ වෙතත් එම පුවතේ සඳහන් පරිදි මහින්ද රාජපක්ෂ යුගයේ හෝ ඊට පෙර කිසි කලක පොලිස්පති වරයෙකු මෙසේ හැසිරී නැති බවත්, වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉතා අශෝබන ලෙස බීමත්ව කාන්තා පොලිස් නිලධාරින්ගේ හිරි ඔතප් බිදිමින් විහිලු කාරයෙකු ලෙස පොලිස් දිනය වූ පසුගිය 2 වෙනිදා පොලිස් ක්‍රිඩාංගනයේදී හැසිරුණු බව එම වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

සම්පූර්ණ පුවත මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad