වත්මන් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට කිසුදු වැඩක් වි නොමැතිවීම, මාතලේට කැබිනට් අමාත්‍ය ධූරයක් නොලැබීම සහ බඩු මිල ඉහළ යෑම කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මැයි 1 වෙනිදා පැවත්වෙන එජාපයේ මැයි දින රැලියට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි මාතලේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.
ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයට ඡන්දය දෙන්නේ නැහ. එජාපය පරදිනවා, මේ ආණ්ඩුව ගමට සේවයක් කර නැහ යයි මාතලේ දිස්ත්‍රික් පාලත් පාලන ආයතන නියෝජිතයින් සහ ශාඛා සමිති නියෝජිතයින් පිරිසක් සහභාගි වූ මාතලේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා ප්‍රකාශ කල අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එජප රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුවිහාරේ පිහිටි එජාපයේ දිස්ත්‍රික් කාර්යාලය දී මෙම රැස්වීම පැවත්වුනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන්, ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්දය දෙන්නේ නැහ, පලාත් පාලන ආයතන සහ පලාත් සභා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය පරදිනවා, අපිට රැස්වීම් වලට මැයි රැලි වලට යන්න පමණක් කැදවනවා, කියමින් පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරින් කලබල කල අතර නොසන්සුන්තාවය නිසා අතරමගදී රැස්වීම නතර කොට කොළබින් ගිය අමාත්‍යවරුන් පිටව ගියේය.
Wednesday, April 5, 2017
Home
දේශපාලන පුවත්
මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..
මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment