''ප්‍රශ්න ගොඩයි" රාජිත - රවී හදිසියේ හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

''ප්‍රශ්න ගොඩයි" රාජිත - රවී හදිසියේ හමුවෙයි

''ප්‍රශ්න ගොඩයි

හෙද සේවාව මුහුණ දී ඇති ගැටළු පිළිබදව සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද (05) පස්වරුවෙි පැවැත්වීමට නියමිතයි. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී හෙද හෙදියන් මුහුණ දී ඇති වැටුප් විෂමතා, වැඩිකල වැටුපට අතිකාල දීමනා නොගෙවීම පිළිබදව අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. 

ලබන 06 දා හෙද වැඩවර්ජනයක් පිළිබදව මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වර්ජනයක් දියත් කිරිමට අවස්ථාවක් නොලැබෙන බවයි. 

මෙම සාකච්ඡාව සදහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad