-ගාලු පාර තුම්මුල්ල ඇතුළු පාරවල් රැසකට අනුමතයි
පසුගියදා රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා පරීක්ෂණයක් ලෙස සිදු කළ බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සාර්ථක වූ බවත් එය මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග රැසකම ස්ථිර බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ.
ඒ අනුව එම තීරුවේ අදාළ වේලාව තුළ ගමන් කරනු ඇත්තේ බස් රථ පමණි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ ගැන ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ඉදිරියේදී කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කරන්නට කටයුතු සූදානම් කර තිබේ.
1)ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;
2) පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;
3) කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;
4) තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;
5) ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

No comments:
Post a Comment