වඩේ වික්ක මං තට්ටු 7 හෝටලයක් ගහනව තමා - නෝන බැංකුවට ණය වුනේ -චමින්ද විජේසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

වඩේ වික්ක මං තට්ටු 7 හෝටලයක් ගහනව තමා - නෝන බැංකුවට ණය වුනේ -චමින්ද විජේසිරි


ඔව් මම හෝටලයක් ගහනව. තට්ටු හතක් නෙමෙයි තට්ටු දහයක්. හැබැයි බැංකුවලින් ණය අරගෙන යැයි ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ මහතා එම අදහස්

පළකළේ බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමිනි. වැඩිදුර අදහස් දැක්වූ මහ ඇමැතිවරයා,

ඔව්. මේක මගේ නෝනා කරන්නේ. එයා බදුල්ලේ රජයේ බැංකුවලින් ණය අරගෙන තියෙන හැටි හොයල බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයා ගිහින් බදුල්ලේ බැංකුවකින් ඉල්ලන්න හෝටලයක් ගහනවා කියලා ලෝන් එකක්. පැනලා දෙන්නේ. ඒ තරම් උදව් කරනවා. අනික ඕක හදන්න ගත්තේ මම මහඇමැති වෙන්නත් අවුරුදු 07කට කළින්.

මම වඩේ වික්කා තමයි. හැබැයි  එයාගේ තාත්තා මාළු කපලා. 83 කලබලේදී හොයාගන්න බැරිවුණ අයට දැන් කොහෙන්ද හෝටල්. බදුල්ල නගරයේම තියෙනවා කෝටි ගාණක කඩයක්. ඒ නිසා මම එයාට කියනවා ඒ දේපළ හොයාගත්ත හැටි හෙළිකරන්න කියලා.

ගයාන් ගාල්ලගේ (අනුග්‍රහය - දේශය)

No comments:

Post a Comment

Post Bottom Ad