'මරික්කාර්ට ඕන විදියට ගෙවල් දෙන්නේ නැහැ' - චම්පික. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

'මරික්කාර්ට ඕන විදියට ගෙවල් දෙන්නේ නැහැ' - චම්පික.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට උවමනා විදියට නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ලබාදීමට තමා සුදානම් නැතැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමි වුවනට නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවාස ලබාදීමේදී රුපියල් මිලියන 196ක වංචාවක් කර ඇතැයි මරික්කාර් මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කල විමසීමකදීය.

'' මීතොටමුල්ල නිවාස අහිමි වුවන්ට ලබාදුන්නේ ආණ්ඩුවේ සල්ලිවලින් හදපු ගෙවල් නෙමෙයි. නාගරික සංවර්ධන අධිකාරිය මහජන බැංකුවෙන් 14% පොලියට ණය අරගෙන හදපු ගෙවල්. ඒ ගෙවල් හැදුවේ කැළණි වැලි ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වුවන්ට දෙන්න. ඔය ගෙවල් හදන්න නාගරික සංවර්ධන අධිකාරිය මහජන බැංකුවෙන් මිලියන 300ක ණයක් අරන් තියනවා.

කොහොමවුනත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමිවූවන්ට අපි නිවාස 98ක් දුන්නා. මේ එක ගෙයක් හදන්න අපට ලක්ෂ 33ක් වැයවෙලා තියනවා. ඊට අමතරව ජල විදුලිය හා  මුලික පහසුකම් සැපයීමට එක් නිවසක් වෙනුවෙන් තවත් ලක්ෂ ගණනක් වියදම් වෙලා තියනවා. ඒ නිසා මේ එක නිවසක වටිනාකම තිස් නව ලක්ෂ අසු දාහක් වෙනවා.

මේවගේ නිවාස මාර්ග සංවර්ධන අධිකාරියට, දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 20කට ඇස්තමේන්තුකල බව ඇත්ත. නමුත් නියම වියදම ලක්ෂ 40කට ආසන්නයි. අපි මාර්ග සංවර්ධන අධිකාරියට හා දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු මුදලකට දෙන්නේ ඒ ආයතන සමග පවතින වානිජ්‍ය එකඟතා මත. ඒ ආයතන දෙකම නාගරික සංවර්ධන අධිකාරියේ හිස් ඉඩම් සංවර්ධනය කරලා ඉතා ඉහල වටිනාකමක් ලබාදෙනවා.

ඒ නිසා රුපියල් ලක්ෂ 20 ගෙවල්, ලක්ෂ 40 දීලා කියලා මරික්කාර් මන්ත්‍රීතුමා කියන්නේ කරුණු හරි හැටි නොදැන. මම ඒගැන ජනාධිපති තුමා ඉදිරියේ එතුමාට කිවා. එහෙම පහදලා දීලත් මාධ්‍යට ඇවිත් බොරු කියනවා... ඇත්තටම සියලුම දේශපාලඥයින් නාගරික සංවර්ධන අධිකාරියට ස්තුති කරන්න ඕන වෙලාවක ඇතැමුන් ජනප්‍රිය වෙන්න කරන මාධ්‍ය විගඩම් ගැන කනගාටුයි. '' ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

(SLM)

No comments:

Post a Comment

Post Bottom Ad