රට පුරා බොහෝ ප‍්‍රදේශවල මේ දිනවල විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම් අසාමන්‍ය ලෙස ඉහල ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිද වැටුම් අංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.
කලින් නොදන්වා විදුලි කප්පාදුවක් ක‍්‍රියාත්මක වන්නේදැයි බොහෝ පාරිභෝගිකයින් විමසන බවත් ඇතැමුන් දැඩි ලෙස දොස් පවරන බවත් ඔවුහු කියති. ඉහල බලධාරීන් විසින් විදුලි කප්පාදුවත් ගැන දන්වා නැතත් පාරිභොගිකයින් ධිගින් දගටම ඒ ගැන ප‍්‍රශ්න කරන බවද ඔවුහු කියති.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණ තත්ත්වය නිසා විදුලි ඉල්ලූම ඉහල ගොස් ඇති බවයි. මෙනිසා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයිද මණ්ඩලය ඉල්ලා සිටී.
Saturday, April 29, 2017
රට පුරා අසාමාන්‍ය විදුලි බිද වැටීම්.. නොදන්වා විදුලි කප්පාදුවක්..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment