අම්මයි තාත්තයි අනියම් පෙම රස බලද්දී අසරණ දියණිය කොළඹ මස් වැද්දන්ට ගොදුරු වූ සංවේදී කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

අම්මයි තාත්තයි අනියම් පෙම රස බලද්දී අසරණ දියණිය කොළඹ මස් වැද්දන්ට ගොදුරු වූ සංවේදී කතාව

තම මව සහ පියා කාම ආශාවල් පසුපස යෑම නිසා කුඩා කලපටන් ආදරය රැකවරණය නොලැබූ රටේ දුෂ්කර පෙදෙසක ජිවත් වූ දැරියක් පිලිබඳ සංවේදී කතාවක්.

මවත් පියාත් දියණිය අමතක කර ආච්චිට සහ සීයාට බාරදී තම අනියම් පෙම්වතා සහ පෙම්වතිය සමග වෙන වෙනම සතුට සොයාගෙන ගිය අතර පුංචි දැරිය මැටි ගෙබිම සහිත පොල් අතු සෙවිලි කළ පැලේ තනිවුනා. දැරියට ඒ වනවිට අවශ්‍ය වුනේ අහිමු වූ මව්පිය සෙනෙහස නැවත ලබා ගන්න.

නමුත් දැරියගේ තනිකමෙන් සහ දිළිඳුකමෙන් ප‍්‍රයෝජනය ගන්න ඥාති කාන්තාවක් උපක්‍රමයක් කල්පනා කරමින් සිටියා. මේ කෙල්ලව කොළඹට රැගෙන ගොස් හොඳ මුදලක් සොයා ගැනීමට ඇය පහත් අරමුණ ක්‍රියාවට නැංවුවා. කාන්තාවගේ යටි අරමුණ නොදත් අහිංසක දැරිය " කොළඹින් රුපියල් 8000 ක පඩියට රෙදි කඩයක රැකියාවක් සොයා දෙන්නම්" කියූ කපටි වදන්වලට රැවටුණා.

ඒ අතර එම කාන්තාව කැලණියට ගොස් ප‍්‍රදේශයේ අඹුසැමි යුවළක් හමුවී "වෙනදා වගේ නම් බැහැ ගාණ ටිකක් වැඩිපුර  ඕනේ, අනික පොඩි කෙල්ලක්නේ, ඔයගොල්ලන්ට හොඳ ගාණක් හොයා ගන්නත් පුළුවන්"  කියා ගණුදෙනුවත් කතාකරගෙන ඇවිත් තියෙනවා. පසුදින ආච්චිගේ හා සීයාගේ දෙපා වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව රෙදි කඩයට ගිය මෙම දැරියව රෙදිකඩය අයිති නැන්දාට සහ මාමාට භාර දීමට කාන්තාව කටයුතු කරනවා.

නැන්දා පැමිණ කාමරයට වී හඬමින් සිටි දැරිය සමීපයට ගොස් "ඕවා ගණන් ගන්න එපා දරුවො හෙට ඉඳන් ඔයාට ගොඩාක් සල්ලි හොයන්න පුළුවන්" යැයි පවසා "දැන් ඉතින් ඔය ළමයට මේ ගෙදරින් එළියට යන්න බැහැ අපි කියන විදියට ඉන්න  ඕනේ" යනුවෙන් විධානයක් ද කර පිටව යනවා. පසුව දැරියගේ පළමු පහස ලබන්න එන ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු දැරියව මිලට ගනු ලබනවා. එතනින් පසු දිනකට රුපියල් 7000 සිට 20,000 දක්වා වූ මුදලකට සල්ලාලයින් පස්දෙනෙකුට පමණ ඇය අලෙවි වනවා.

අවසානයේ ලද ඇසිල්ලකින් නිවසින් පැන ගිය ඇය මේ ගැන මගදි හමුවු පුද්ගලයෙකුට පවසා පසුව ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් තමා භාරයට ගත් පසුවයි මේ දැරියගේ ආරක්ෂාව තහවුරු වන්නේ. ඇය පැන නොගියා නම් තවමත් ඇයට වරින් වර විවිධ පුද්ගලයින්ගේ පහත් ආශාවන් සපුරාලීමට සිදු වනවා නොඅනුමානයි.

මෙවැනි දෙයකට හෙට ඔබේම කෙනෙක් ගොදුරු වන්නත් පුළුවන්. එම නිසා මෙවැනි දෑ දුටුවිට හෝ මෙවැනි පහත් වැඩ කරන ඇය ගැන ඔබ දන්නව නම් වහාම ලඟම හෝ විස්වාසවන්ත පොලිස් ස්ථානයකට දැනුම් දීම මගින් කෙනෙකුගේ වටිනා ජිවිතයක් ඔබට බේරගන්න පුළුවන්වේවි.

No comments:

Post a Comment

Post Bottom Ad