අවුරුදු නැකැත්වල දෝෂය ගැන ඇත්ත මෙන්න‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

අවුරුදු නැකැත්වල දෝෂය ගැන ඇත්ත මෙන්න‌

අවුරුදු නැකැත්වල දෝෂය ගැන ඇත්ත මෙන්න‌

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්‌ කළ මෙවර අවුරුදු නැකත්වල කිසිදු දෝෂයක්‌ නැතැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌. බී. නාවින්න මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවසූයේ මෙවර අලුත් අවුරුදු නැකත් පිළිබඳව ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු ලබා දීම සඳහා සෙත්සිරිපාය පිහිටි එම අමාත්‍යාංශයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇතැම් අය 2017 අවුරුදු නැකැත්වල දෝෂ ඇතැයි ප්‍රචාර ගෙන යන බව සඳහන් කළ ඇමැතිවරයා රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්‌ කළ අවුරුදු නැකත් පිළිගන්නා ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක්‌ද කළේය.

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය ඕන ඕන පැතිවලට හැරවිය හැකි වුවද, රාජ්‍ය නැකත් කමිටුවේ බහුතරයේ අනුමැතිය සහිතව මෙවර අවුරුදු නැකත් සකස්‌ කර ඇතැයි ද මෙවර අලුත් අවුරුදු නැකත් පිළිගෙන සංස්‌කෘතියට ගරු කරමින් අවුරුදු සමරන ලෙස ඇමැතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.

කෙසේ වෙතත් ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීහූ රැසක්‌ පසුගියදා කොළඹ පැවති ජ්‍යොතිෂ සම්මන්ත්‍රණයකදී පැවසූයේ නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇතැයිද එය රටට, ජනතාවට හා පාලකයන්ට ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බවයි.

රජය වහාම මෙය නිවැරදි කළ යුතු බවත් එසේ නොවුණහොත් එහි අනිටු ප්‍රතිඵල සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ මඟින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ආචාර්ය ඊ. එම්. ගුණපාල, ආචාර්ය පියසේන රතුවිතාන, ම. ලි. සුගතදාස, හර්ෂ ධර්මප්‍රිය, මීගොඩ ධර්මසේන, චමත් කොතලාවල, රෝහණ ගමගේ, රහත් ගාමිණී ලියනාරච්චි ආදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදීහු රැසක්‌ සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad