අයිසේ, මිනිස්සු ගැන අපි බලාගන්නම් අගමැති කැබිනට්ටුවේදී බැනවදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

අයිසේ, මිනිස්සු ගැන අපි බලාගන්නම් අගමැති කැබිනට්ටුවේදී බැනවදී

''අයිසේ මිනිස්සු ගැන අපි බලාගන්නම්.. ඔයාල ඒගැන මහන්සිවෙන්න අවශ්‍ය නැහැ..'' යයි ඊයේ පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ආවේගයෙන් යුතුව චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට බැනවැදී ඇතැයි වාර්තාවේ.


අගමැතිවරයා එසේ බැන වැදී ඇත්තේ, ත්‍රීකුණාමලය වරායේ ටෙල් ටැංකි කිහිපයක් ඉන්දීය සමාගමකට බදුදීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත්කර තිබු කැබිනට් පත්‍රීකාවකට අදාලව එම ඇමතිවරුන් කල ප්‍රශ්න කිරීම් හමුවේය.

මෙසේ රජයේ දේපල විකුණා දැමුවහොත් ජනතා නැගිටීමක් සිදුවිය හැකි බව එම අමාත්‍යවරුන් පවසා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උවමනා පරිදි වැඩ කිරීමට තමා සුදානම් නැති බවත්, ඔහු සමග ''ඩීල්'' දාන උදවියගෙන් කුමන බාධක පැමි‚යද මෙම ව්‍යාපෘතිය අනිවාර්යයෙන් සිදුකරන බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

රාජපක්ෂලා සමග අද ''ඩීල්'' දාගෙන ඉන්නේ කව්දැයි අද රටම දන්නා බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

ජනතාවගේ කුකුස ?

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රීලනිප අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ආණ්ඩුව රටේ ආර්ථීක මර්මස්ථාන පිටරැටියන්ට විකුණන බවට ජනතාව තුල කුකුසක් ගොඩනැගී ඇති බැවින් ආණ්ඩුව මෙවැනි ව්‍යාපෘති විනිවිද භාවයකින් යුතුව සිදුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

මෙසේ උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුපුරුදු පරිදි නිහඩව සිට ඇත.

''හම්බන්තොට චීනෙට දීලා, ත්‍රීකුණාමලය ඉන්දියාවට දෙන කොට අපට මොනවද ඉතිරි වෙන්නේ'' කියා එජාප අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ගෙන් විමසා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

මුලාශ්‍ර - srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad