බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වන මාලන් සැමුවෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඒ ආබාධයකට ලක්වු කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු ක්වින්ටන් ඩි කොක් වෙනුවෙන්. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් මාලන් සැමුවෙල් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ලබන 29 වනදා එක්වන අතර තරගාවලිය අවසන් වන තෙක් ඔහු කණ්ඩායම නියෝජනය කරනු ඇති.
ඇගිල්ලක ඇතිවු ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කෙරුනු ක්වින්ටන් ඩි කොක් අයි පී එල් තරගාවලිය වෙනුවෙන් එක්කර ගනු ලැබුවේ පසුගිය මාසයේ පැවති නවසීලන්ත තරග සංචාරය අතරතුරදීයි. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට කැඳවුම් ලැබු මාලන් සැමුවෙල් මෙවර අයි පී එල් තරගාවලියේ වෙන්දේසි නොවු ක්‍රීඩකයන්ගෙන් අයෙක්.
ඔහු අවසන් වරට මෙම තරගාවලියට එක්වී ඇත්තේ මීට වසර 4 කට පෙර එනම් 2013 වසරේදීයි. ඒ පුනේ වොරියස් කණ්ඩායම වෙනුවෙන්. ඔහු එක්වන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ සහභාගී වු තරග 6 න් ජයග්‍රහණය කර ඇත්තේ දෙකක් පමණයි. ඔවුන් සහභාගී වන මීළග තරගය හෙට පැවැත්වෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.
මෙවර තරගාවලියේදි දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු සාර්ථකව ලකුණු අතරට පිවිසීමට හැකියාවක් නොලැබීම හේතුවෙන් මාලන් සැමුවෙල් හෝ එම අවස්ථාව උදාකරගනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයන් විශ්වාසය පළ කරන්නේ.
Thursday, April 27, 2017
දිල්ලි කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කමක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment