පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට දුන් ඉඩම ගැන පරීක්ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 4, 2017

පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට දුන් ඉඩම ගැන පරීක්ෂණයක්

පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට දුන් ඉඩම ගැන පරීක්ෂණයක්

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවත් එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම එය දී තිබූ සමාගමටම නව තක්සේරු වටිනාකමට ලබාදී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එයට කැසිනෝ සඳහා අවසර දී නැතැයි ද එමෙන්ම මෙම ගණුදෙනුව කළේ කැබිනට් අනුමැතිය ඇතිව බව ද පැවසී ය.

පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බවත් වත්මන් රජය යටතේ එය දී තිබෙන්නේ රුපියල් මිලියන 3350 කට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදාළ පොළියේ එකතුව ලෙස මිලියන 700 කි. මෙම රුපියල් මිලියන 700 ක මුදල වත්මන් රජයට ගෙවා ඇති රුපියල් මිලියන 3350 න් අඩු කර ඇතැයි කී අමාත්‍යවරයා එසේ කළ හැකි ද යන්න ලේකම්වරයා කරන පරීක්ෂණයේ දී සොයා බලන බව ද පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad