මහනුවරට උමං මාර්ග පද්ධතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 4, 2017

මහනුවරට උමං මාර්ග පද්ධතියක්

මහනුවරට උමං මාර්ග පද්ධතියක්

මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ඊට කැබිනට් අනුමතියද ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“එදා මහනුවර පූජා භූමියක් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.  පූජ භූමිය වටේ බාර් දාලා, කාර් රේස් දුවපු එකයි මේ අය කළේ . දැන් කිඹුල් කඳුළු හළනවා. එදා ආණ්ඩුව විකල්පයක් නොදී මාර්ගය වැසුවා. අපි දළඳා මාළිගාව අභියස මාර්ගය විවෘත කරන්නේ නෑ. අපි මහනුවර  මාර්ග තදබදයට විකල්පයක් ලෙස උමං මාර්ග හඳුන්වා දෙනවා“ 

No comments:

Post a Comment

Post Bottom Ad