එස්.බී ඇමැති මාරුව අගයයි: එජාප - ශ්‍රීලනිප ඇමැති ධුර හුවමාරුව නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 4, 2017

එස්.බී ඇමැති මාරුව අගයයි: එජාප - ශ්‍රීලනිප ඇමැති ධුර හුවමාරුව නවතී

එස්.බී ඇමැති මාරුව අගයයි: එජාප - ශ්‍රීලනිප ඇමැති ධුර හුවමාරුව නවතී

රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබද සාකච්ඡාවට ලක්වීම ඉතා හොඳ තත්ත්වයක් බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.

වර්තමානය වන විට සියලු පාර්ශව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වෙමින් සිටින බව ද කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිධුර කිසිවක් ආණ්ඩුවට එකතු වී සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් වෙත ලබා නොදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇමැතිධුර හුවමාරු නොවන අතර පක්ෂ අභ්‍යන්තර අමාත්‍යධුර හුවමාරුවක් සිදු වීමට විරුද්ධත්වයක් නොමැති බවද එම මන්ත්‍රීවරුන් පිරිස අගමැතිවරයාට දන්වා ඇත.

කැබිනට් සංශෝධනයක් පිළිබඳව කතාබහ පැතිර ගියත් එහිදී වෙනස්වීමට ලක්වන අමාත්‍යධුර පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මතෛක් තීරණයක් ගෙන නොමැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සංශෝධනයන් පිළිබඳව ස්ථිර තීන්දුවක් ගැනීමට නියමිත අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව එකී සංශෝධන ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad