ශ්‍රිලනිපයට එදා ශක්තියක් වුන රාජපක්ෂලා තෙන්නකෝන්ලා අද එහි නෑ.. මහින්දගේ මනුස්සකම බලන්න ගෝල්ෆේස් එන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ශ්‍රිලනිපයට එදා ශක්තියක් වුන රාජපක්ෂලා තෙන්නකෝන්ලා අද එහි නෑ.. මහින්දගේ මනුස්සකම බලන්න ගෝල්ෆේස් එන්න..

එදා 56 දි බණ්ඩාරනායක ශ්‍රිමාතාන් මේ රටේ දේශපාලන විප්ලවයක් කොට කලු සුද්දන්ගෙන් පාලනය වෙනස්කිරිමට රදලයන් වෙනුව්ට රටේ සැබෑ ජනතාවගේ නියෝජිතයින් ලෙස තෝරාගත් ඩීඒ රාජපක්ෂ සහ ටීබී තෙන්නකෝන්ලා ගේ පරපුර අද එම පක්ෂය ඉවත් කරලා,
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ කැදවුම් කරුවන් ලෙස සඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේග එකතුකිරීමට නායකත්වය දුන් පක්ෂයේ කැදවුම්කරුවන් ලෙස ඔහුන් එදා කැපවී වැඩ කලා.

අද ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ ඒ වෙනුවට අමුතුම කණ්ඩායමක්, ඔහුන් එක පැත්තකින් ශ්‍රිලනිප පොදු දේශපාලන සතුරා වන යූඑන්පී එකත් එක්ක එකතුවෙලා ඇමතිකම් බෙදාහදාගෙන බලයට ඇති කෑදරකම නිසා ආණ්ඩුව කරවනවා. අද ඒ ආණ්ඩුව රටේ සම්පත් පමණක් නොව සියලුම අපේ අනන්‍යතාවයන් මෙන්ම සංස්කෘතිය රටේ මෙන්ම එදා 56 දි බණ්ඩාරනායක ශ්‍රිමාතාන් ගොඩනැගු පක්ෂයේත් විනාශ කරනවා යයි බැසිල් රාජපක්ෂ දිවයිනේ පලමු වෙබ් රේඩියෝ නාලිකාව වන ප්‍රවීන මාධ්‍යවේදි හඩ්සන් සමරසිංහ මෙහෙයවන ‘හඩ රේඩියෝව’ (Link) සමඟ පැවති සාකච්ඡාවකදි පැවසීය.

එබැවින් අද ශ්‍රිලනිප ආදරය කරන ජනතාව මේ ආණ්ඩුවට විරෝධය පාන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පවත්වනු ලබන ගෝල්ෆේස් මැයි රැලියට සහභාගි වීමට ගම් මට්ටමේ විශාල උද්යෝගයක් ඇති වී ඇති බවද හිටපු ආරක්ෂක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසිය.


 

No comments:

Post a Comment

Post Bottom Ad