පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් පිළිබදව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත.
පිළිකා රෝගියෙකුගෙන් ලැබුනු ලිපියක් පාදක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදූ කර තිබෙි. එම පෞද්ගලික සමාගම ඉන්දියාවෙන් මෙම පිළිකා ඖෂධය ආනයනය කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ 25,000 ක මුදලකටයි. නමුත් එම ඖෂධය රෝගියාට ලබා දී ඇත්තේ රුපියල් හාරලක්ෂ 29,000 කටයි. මෙි පිළිබදව ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් මගින් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබෙි.
මෙි අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරිම සදහා ජාත්‍යන්තර සමාගමක් විසින් සකස් කළ වාර්තාවට අනුව පෞද්ගලික රෝහල් නියාමනය කිරීමෙි වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී ඇත.
ජාත්‍යන්තර සමාගමක් වන කේ.පී.එම්.ජී ආයතනය සකස් කළ වාර්තාව පෞද්ගලික රෝහල් නියාමන කොමිසම් සභාවෙි සභාපති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පසුගියදා බාරදෙන ලදි. පෞද්ගලික රෝහල්, පෞද්ගලික රසායනාගාර සහ පෞද්ගලික සායන ආශ්‍රයෙන් ජාත්‍යන්තර සමාගම මෙම වාර්තාව සකස් කර ඇත. එහි රසායනාගාර සේවා, ශල්‍යාගාර සේවා ඇතුලු රෝගී සත්කාරක සේවා සියල්ල සදහා අයකරන මිල ගණන් නියාමනය කිරිමට නියමිතය.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Thursday, April 27, 2017
125,000කට ගෙන්වන පිලිකා බෙහෙත 429,000කට රෝගීන්ට විකුණයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment