මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ රසායනිකයක් කණු කන්දට ඉසීම නිසා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ රසායනිකයක් කණු කන්දට ඉසීම නිසා..

මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ කොළඹ නගර සභාව කුණු කන්දට ඉසින ලද රසායන ද්‍රව්‍යයක්‌ නිසා යෑයි අවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. දැන් මාසයකට කලින් ගිනි නිවන හමුදාවේ බවුසර්වලින් ඇවිත් රසායන ද්‍රව්‍යයක්‌ කුණු කන්දට ඉසිනු ලැබුවා. 

අපි ඒ ගැන ඇසූ විට කිව්වේ කුණු ඉක්‌මනින් දිරන්න බැක්‌ටීරියාවක්‌ ඉසිනවා කියලා. අපි කියන්නේ ඔය රසායන ද්‍රව්‍ය ඉසින්න එපා මේ කුණු කන්ද මෙතැනින් ඉවත් කරන ලෙසටයි. ඔය රසායන ද්‍රව්‍ය නිසා අපට මොන ලෙඩ බෝවෙයිද දන්නේ නැහැ යෑයි මීතොටමුල්ල කුණු කන්ද අවට ප්‍රදේශවාසීහු පැවසූහ. මෙම රසායන ද්‍රව්‍ය පිළිබඳව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. ඒ. අනුර මහතාගෙන් අපි විමසුවෙමු.

මීතොටමුල්ල කුණු කන්ද මතින් වහනය වන දුර්ගන්ධය නැතිව යන්නයි අපි එම රසායන ද්‍රව්‍යය ඉසිනු ලැබුවේ. එය අපි සිදු කළේ පර්යේෂණයක්‌ විදිහටයි. කුණු කන්ද නාය යැමට එම රසායන ද්‍රව්‍ය හේතුවූවා කියා කෙළින්ම කියන්න බැහැ. පසුගිය දින කිහිපයේ මීතොටමුල්ල ප්‍රදේශයට මි.මී. 100 ක පමණ වැස්‌සක්‌ ඇද හැළුණා. කුණු කන්ද අවට ප්‍රදේශයේ ජලය පිරී තිබුණා. නාය යැමට එය හේතු වුණා කියලා තමයි දැනට අප සැක කරන්නේ යෑයි නාගරික කොමසාරිස්‌වරයා අපගේ පැනයට පිළිතුරු ලෙසින් සඳහන් කළේය.

කොළඹ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ දැනට මාසයකට පමණ පෙර කොළඹ නගර සභාවෙන් ලද නියෝගයක්‌ අනුව කුණු ඉක්‌මනින් දිරා යන බැක්‌ටිරියාවක්‌ කුණු කන්දට ඉසිනු ලද බවය. ජලය සහිත බවුසර් පනහක්‌ පමණ ඒ සඳහා යොදාගත් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad