මහින්ද – මෛත්‍රී සමගියකට අැමැති මෙහෙයුමක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

මහින්ද – මෛත්‍රී සමගියකට අැමැති මෙහෙයුමක්…

වහා සමගිවී ශ්‍රීල.නි.ප. රජයක් ස්ථාපිත කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් බල කිරීම සඳහා ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් කළ, නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරයෙක් කීවේ ඉදිරි දෙසතිය තුළ මෙම නායකයන් දෙදෙනාම මුණගැසී පක්ෂය වෙනුවෙන් කළයුතු උපරිම කැපකිරීම සිදුකර සමගි විය යුතු යැයි බලකර සිටින බවය. පක්ෂයේ සහ ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රීල.නි.ප. සමඟිය ඉතා වැදගත් යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම පියවර ගත්තේ ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ මාස ගණනාවක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බවය.


මෙම දේශපාලන කපුකම සඳහා යන නිල නියෝජිත පිරිස තවම නම්කර නැතත් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ආදී ජ්‍යෙෂ්ඨයන් එම කණ්ඩායමට ඇතුළත් බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් මෛත්‍රී පාර්ශ්වයේ යෝජනා ගණනාවක් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත එවා තිබූ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මතය වී තිබුණේ ශ්‍රීල.නි.ප.ය. එ.ජා.ප.ය සමඟ ආණ්ඩු කරන තාක්කල් සමගියකට කතා කිරීම නිෂ්ඵල බවය.

No comments:

Post a Comment

Post Bottom Ad