ඉරාජ් ’’වස්සානේ හීනේ’’ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ඉරාජ් ’’වස්සානේ හීනේ’’ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරයි ?

මේ දිනවල බුකියේ ජනප්‍රියම චරිතය බවට ඉරාජ් වීරරත්න යළිත් පත්වෙලා තියෙනවා. ඒ අළුත්ම ගීතය වන වස්සානේ හීනේ මියුසික් වීඩියෝව නිසයි.

මේ ගීතය ඔස්සේ සමාජයේ විවිධ පැති නිරූපණය කර තිබෙනවා. ඒ අතරින් සයිටම් ගැටලුව ප්‍රධාන තැනක් ගන්නවා. සයිටම් ප්‍රශ්නය රටේ විශාල කතා බහක් ඇති කිරීමට සමත් වුණා.  ඉරාජ් ගේ මේ වීඩියෝවේත් ඊට සමාන දෙයක් දක්නට ලැබුණා. වීඩියෝවේ සිටින තරුණිය ගබ්සාවක් කරගන්න යන්නේ අබ්දුල් රාෂික් නමැති MBBS SAITN sri lanka නමින් සිටින වෛද්‍යවරයෙක් ළඟටයි.

නීතිවිරෝධී ගබ්සාවක් කිරීම සඳහා මුස්ලිම් නමක් සහිත වෛද්‍යවරයෙකු යොදා ගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් ඉරාජ් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.  ඉන් පැවසෙන්නේ ඉරාජ්ගේ වස්සානේ හීනේ වීඩියෝවෙන් එම මුස්ලිම් වෛද්‍යවරයා සිටින කොටස ඉවත් කරන ලෙසයි. නමුත් මේ සඳහා ඉරාජ් කුමන ආකාරයක ප්‍රතිචාරයක් දක්වයිද කියලා සඳහන් කර නැහැ.

ඉරාජ්ට යොමු කළ ලිපිය සහ ඊට අදාළ සිදු වීම පහතින්....



  

 

No comments:

Post a Comment

Post Bottom Ad