ජාතික පාසල් නව අධ්‍යක්ෂ ධූරය ජයන්ත වික්‍රමනායකට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

ජාතික පාසල් නව අධ්‍යක්ෂ ධූරය ජයන්ත වික්‍රමනායකට  

ජාතික පාසල් නව අධ්‍යක්ෂ ධූරය ජයන්ත වික්‍රමනායකට  
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් නව අධ්‍යක්ෂවරයා වශයෙන් ජයන්ත වික්‍රමනායක මහතා පෙරේදා (17) වැඩ බාර ගෙන තිබේ. 
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවැනි පන්තියේ නිලධරයකු වන හෙතෙම මේ තනතුරට පත්වීමට පෙර කොළඹ අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. 

බදුල්ල, පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධිධරයෙකි. බණ්ඩාරවෙල මහා විද්‍යාලයේද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේද විදුහල්පතිවරයකු ලෙස සේවය කිරීමෙන් ලද අත්දැකීම් ඇති හෙතෙම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙසද කටයුතු කර ඇත. 

ජයන්ත වික්‍රමනායක මහතා මේ තනතුරට පත්වූයේ හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ පී.එස්. අයිලප්පෙරුම සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටය.

No comments:

Post a Comment

Post Bottom Ad