මීතොටමුල්ලේ සිද්ධියෙන් මියගිය ගණන 32ක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

මීතොටමුල්ලේ සිද්ධියෙන් මියගිය ගණන 32ක් වෙයි

මීතොටමුල්ලේ සිද්ධියෙන් මියගිය ගණන 32ක් වෙයි
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(17) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් තවත් මළසිරුරක් සොයාගැනීමෙන් අනතුරුවයි.

මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළ අතර මෙම සිද්ධියෙන් පුද්ගලයින් දස දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය. අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ද පොලිසිය කියයි.

මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයෑමෙන් අතුරුදන් පුද්ගලයන් සොයාගැනීමේ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින බව වාර්තා වේ. මේ වන විට මෙම අනතුරින් විපතට පත් වූ පවුල් 246 ක පුද්ගලයන් 1215 දෙනකු කොළොන්නාව ටෙරන්ස්‌ එන්. ද සිල්වා විද්‍යාලයේ රඳවා සිටින බවත් දහම්පුර, 101 වත්ත, 23 වත්ත යන ප්‍රදේශවල විපතට පත් ජනතාව මෙම විද්‍යාලයේ රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත් පිටි කිරි ඇතුළු වියළි ආහාර ලැබීමේ අඩුවක්‌ දක්‌නට ඇති බවත් ඒ ගැන පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරන ලෙසත් ඔවුහූ ඉල්ලීමක්‌ කළහ. මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන්, හෙද - හෙදියන් ඇතුළු කාර්යමණ්‌ඩලයක්‌ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්‌ෂා කිරීමට කටයුතු කර තිබේ.

මීතොටමුල්ල කණු කන්ද අසල නාය ගිය ස්‌ථානයේ මෙහෙයුම් කටයුතු ඊයේ පස්‌වැනි දිනයටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහායෙන් සිදු කරන බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක්‌ සහාය ලබාදෙන බවත් යුද හමුදාව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad