ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණ වත්තේ සීවලී හිමියෝ ඊයේ (18 දා) අපවත් වූහ. රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 82 වැනි වියේ පසුවූහ. යාපනය නාගදීපයේ නායක හිමියන් වූ බ්‍රාහ්මණවත්තේ ධර්මකීර්ති හිමියන් යටතේ 1951 වසරේදී සීවලී හිමියෝ පැවිදි දිවියට පත්වූහ.
දෙමළ භාෂාව පිළිබඳ හසල දැනුමකින් හෙබි සීවලී හිමියෝ ඉන්දියාවේ මධුරෙයි විශ්වවිද්‍යාලයේදී දෙමළ මාධ්‍යයෙන් ශාස්‌ත්‍රපති උපාධිය ලබා පසුව එම විශ්වවිද්‍යාලයේම ආචාර්ය උපාධිය ලබා ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නාගදීපය බේරාගැනීම සඳහා උන්වහන්සේ මහත් කැපවීමක් කළහ.
සීවලී හිමියන්ගේ දේහය කොළඹ බේස්‌ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර තිබේ.
Wednesday, April 19, 2017
බ්‍රාහ්මණවත්තේ සීවලී (නාගදීපෙ හාමුදුරුවෝ) අපවත් වෙති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment