අනුර සේනානායක යළි රිමාන්ඩ් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

අනුර සේනානායක යළි රිමාන්ඩ් කෙරේ..

වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මස 4 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

වසීම් තාජුඞීන් ඝාතනයට ලක්වූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත් වූ රථ වාහන පිළිබද සටහන් තබා තිබූ ලේඛනයේ කොළ ඉවත් කිරීමේ සිද්ධිය පිළිබද අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක වන බව අද එම නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad