AH1N1 සඳහා ඖෂධ හිඟයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

AH1N1 සඳහා ඖෂධ හිඟයක්


මේ දිනවල රට පුරා පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය සඳහා භාවිතා කරන ටැමිෆුල් ඖෂධයේ හිඟයක්

පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත
අලූත්ගේ අදාළ ඖෂධය  හදිසි තත්ත්වයකදී භාවිතා කිරීමට අවශ්‍ය වුවත් රෝහල්වල මේ දිනවල හිඟ බවත් දන්වා ඇත. 

මේවා ෆාමසි වලට බෙදා නොහරින නිසා පිටතින් මිලට ගැනීමට හැකියාවක් නැති බවද දන්වා ඇත. ඉන්ෆ්ලුවන්සා රෝග තත්වය නිව්මෝනියාවට හැරී මියයන ස්වරූපයක් පවතින නිසා මෙම ගැටලුව ජාතික මට්ටමින් බලපානු ඇති බවද ඔහු දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad