කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පිරිමින් සිව්දෙනෙකු හා කාන්තාවන් හය දෙනෙකු වන බව වාර්තා වේ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූයේ සිද්ධියෙන් තුවාල ලැබූවන් 07 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මරණයට පත්වූවන් අතුරින් රෝහළ තුළදී මිය ගියේ එක් පුද්ගලයෙකු පමණක් බවත්, අනෙක් අය මරණයට පත්ව සිටියදීම ඇතුළත් කරනු ලැබූ අය බවත් ජාසිංහ මහතා සිහිපත් කළේය.
එසේම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා සිව්දෙනෙකු පිටව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ආපදාවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියා සිටියි.
එසේම ත්‍රිවිධ හමුදා භට පිරිස් සම්බන්ධීකරණය කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන හදිසි මෙහෙයුම් මැදිරිය හරහා සියලුම වගකිව යුතු නිළධාරීන් එක්ව මීතොටමුල්ල සිද්ධියට අදාළව ප්‍රදේශයේ පවත්නා ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
එම ස්ථානයෙන් ඉවත්කරන ලද ජනයාට ආහාරපාන, ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය දේ සපයන බවත්, කුණු කන්දට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත්, ඒ නිසාම සංඛ්‍යාත්මක දත්ත යාවත්කාලීන විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Saturday, April 15, 2017
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙයි - මරණ සංඛ්‍යාව 10යි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment